Uva ProductsLoading Uva
← Back to directory
සිසිකිරණ වතුර මල්
AgricultureBandarawela

සිසිකිරණ වතුර මල්

ලිපිනය – සිසිකිරණ කැපුම් මල් ව්‍යාපෘතිය, කිරිඔරුව,බණ්ඩාරවෙල. මිල – රුපියල් 15යි…

AreabandarawelaAddressසිසිකිරණ,කිරිඔරුව,බණ්ඩාරවෙල.

ලිපිනය – සිසිකිරණ කැපුම් මල් ව්‍යාපෘතිය,

              කිරිඔරුව,බණ්ඩාරවෙල.

මිල –       රුපියල් 15යි

ගෙවතු සහ හරිතාගාර සදහා ස්වයන්ක්‍රීයව ජලය සැපයීමට අවශ්‍ය, කුඩා ප්‍රමාණයේ ආනයනික වතුර මල්, අපෙන් ඔබට අතරමැදියන් රහිතව පැමිණ හෝ එසේ නොමැතිනම් තැපැල් මාර්ගයෙන් මෙන්ම කුරියර් සේවාව මගින් නිවසටම ගෙන්වා ගත හැකිය. 

මෙම එක් වතුර මලක් මගින් සෙන්ටිමීටර් 150කට වැඩි විශ්කම්භයක් සහිතව අංශක 180ක් පුරාවට මීදුම් ආකාරයෙන් ජලය විසිරවා හැරීමේ හැකියාව ඇත.එනම්,වතුර මල සවිකළ ස්ථානයේ සිට දෙපසට සහ ඉදිරියට සෙන්ටිමීටර 75කට වැඩි කලාපයක් අවම වශයෙන් ආවරණය කරගත හැකිය.ජල පීඩනය මත මෙම අගය සෙන්ටිමීටර 125ක් පමණ දුරකට තවත් වැඩි කරගත හැකිය.

අඩි 15ක් පමණ උසක ඇති ටැංකියක් මගින් ජලය සැපයීමේදී ,වතුර මල් 100ක් පමණ එකවර ක්‍රියාත්මක කල හැකි අතර එම පීඩනය යටතේ වතුර මල් සවිකර ඇති ස්ථානවල සිට දෙපසට සහ ඉදිරියට සෙන්ටිමීටර් 95-100 පමණ බැගින් හොදින් ආවරණය වේ.

සවි කිරීමද ඉතා පහසුවෙන්ම දෑතින් සිදුකල හැකිය.ඒ සදහා යන්ත්‍ර උපකරණ අවශ්‍ය නොවේ.මෙම වතුර මල් මගින් ඔබේ වටිනා කාලය 99.9%කින් ඉතිරි කරගත හැකි අතර වැය වනුයේ කරාමයක් ඇරීමට සහ වැසීමට ගතවන කාලය පමණි.

වගාවන්ට දියරමය බෙහෙත් යෙදීමද අමතර කාලයක් සහ වියදමක් නොමැතිව,මෙම වතුර මල් මගින්ම  සිදුකරගත හැකිය.අවශ්‍ය වන්නේ වතුර මල් සම්බන්ද ටැංකියට අවශ්‍ය ප්‍රමාණයට බෙහෙත් මිශ්‍ර කර කරාමය විවුර්ත කිරීම පමණි.  මිහිදුම් ආකාරයෙන් විසිරෙන නිසා, බෙහෙත් අපතේ යාමක්ද සිදු නොවීම විශාලම වාසියයි.

Opening hoursPlan your visit
Sunday6:30 AM – 6:30 AM
Monday6:30 AM – 6:30 AM
Tuesday6:30 AM – 6:30 AM
Wednesday6:30 AM – 6:30 AM
Thursday6:30 AM – 6:30 AM
Friday6:30 AM – 6:30 AM
Saturday6:30 AM – 6:30 AM
Find the placeසිසිකිරණ,කිරිඔරුව,බණ්ඩාරවෙල.
Community feedback

Reviews ★★★★★

5.0 average from 1 review(s)

Sign in to review
sisikiranaOverall experience · ★★★★★
Nov 22, 2017

Good